Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් ගැන අනාවරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පළ නොකරන බව ඔවුන් අවධාරණය කරන අතර, ඒ අනුව සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ  “රැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ පමණක් පළ කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

Related posts

Z-Score system to be changed

Mohamed Dilsad

Kelaniya bags men’s title, Moratuwa women’s champs

Mohamed Dilsad

இன்னும் 3 வருடத்திற்குள் புதிய ஜனாதிபதி..?

Mohamed Dilsad

Leave a Comment