Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තීරුබද්ද ක්‍රියාත්මක කිරීම මාස තුනකට කල් දැමීමට ඇමෙරිකා ජනාධිපතිගෙන් තීරණයක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලද තීරුබදු ඉහළ නැංවීමේ සැලසුම්, චීනය හැර බොහෝ රටවලට දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ, දින ගණනක් පැවති වෙළඳපල කැලඹීම් සහ අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම් වලින් පසුව ඔහුගේ ගෝලීය වෙළඳ යුද්ධයෙන් ඉවත් වී ඇති බවයි.

දින ගණනාවක් තිස්සේ තම ආක්‍රමණශීලී වෙළඳ උපාය මාර්ගයේ ස්ථිරව සිටින බව අවධාරනය කළ ට්‍රම්ප් ඊයේ(09)දිනයේදී නිවේදනය කර තිබුණේ, එක්සත් ජනපද තීරුබදු වලට එරෙහිව පළි නොගත් සියලුම රටවලට ජූලි මාසය වන තෙක් සහනයක් ලැබෙනු ඇති බවත්, 10% ක එක්සත් ජනපද තීරුබදුවකට පමණක් මුහුණ දෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ Truth Social හි සඳහනක් යොදමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තීරුබදු පැනවීමේ සැලසුම් එළිදැක්වූ දා සිට රටවල් 75 කට වැඩි ප්‍රමාණයක් විසඳුමක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් රජය හා සම්බන්ධ වූ බවයි.

කෙසේ නමුත්, බීජිනය හෙට සිට ඇමරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරුබදු පැනවීමට සූදානම් වන විට, ට්‍රම්ප් පැවසුවේ චීන අපනයන සඳහා ඇමරිකානු තීරුබදු වහාම ක්‍රියාත්මක වන පරිදි 125% දක්වා ඉහළ නංවන බවයි.

Related posts

New Chairman for People’s Bank Appointed

Mohamed Dilsad

Pound falls ahead of Theresa May Brexit speech

Mohamed Dilsad

තවත් 9 දෙනෙකුට කොරෝනා ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment