Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ආසාර්ථකයි : රුපියල් බිලියන 80ක බිල්පත්වලින්, අළෙවි වී තිබෙන්නේ බිලියන 3.75යි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඊයේ (09) දිනයේ පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් විකුණා ගැනීමට හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබිණ.

රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යෑම, ඇමෙරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ භාණ්ඩාගාර බිල්පත්වලට ආයෝජකයන්ගේ කැමැත්ත අඩුවී තිබේ.

එබැවින් භාණ්ඩාගාර බිල්පත් අළෙවි කර ගැනීමට නම් රජය විසින් ඒ සඳහා ගෙවන පොලී අනුපාතය ඉහළ දැමිය යුතුවනු ඇත. එසේ නොවුණහොත් දැනට පවතින පොලීය මත දැඩි පීඩානයක් ගොඩනැගෙනු ඇත.

Related posts

ரயில் தொழிற்சங்கம் – மஹிந்த தேசப்பிரிய சந்திப்பு

Mohamed Dilsad

மரங்கள் வெட்டும் இயந்திர கருவிகள் பதிவு – 20 ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

මහ බැංකුවේ අධිපතිට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment