දේශීය

මහ බැංකුවේ අධිපතිට එරෙහි පෙත්සම ඉවතට

(UTV | කොළඹ) – හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කරන ලෙසත් ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සදහා අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලයි අද එම නියෝගය කළේ.

එම පෙත්සම සලකා බැලු අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බව පෙන්වා දුන්නා.

පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවයි.

ඒ අනුව බැලු බැල්මටම නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් දැනුම් දුන්නා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතායි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මෙම පෙත්සම ගොණුකර තිබුනේ.

Related posts

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment