දේශීය

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 08 වනදා ආරම්භ වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සේවයට කැඳවිය යුතු බවයි.

මීට අමතරව ලබන 08 වනදා සිට සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.

කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කළ යුතු ය.

ඒ, අදාළ කරුණ පිළිබඳව සනාථ කෙරෙන ලේඛන සහිත ඉල්ලීම් ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර, අනුමැතිය ලබා ගැනීමෙන් පමණි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් ආරම්භ කළ මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිළ ඇඳු අනිවාර්යය නොවන බවත්, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්නැයි ද, අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

Related posts

පම්පෙමඩුව යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වූ අවසන් පිරිසත් නික්ම යයි

Mohamed Dilsad

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

අලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්

Editor O

Leave a Comment