දේශීය

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

(UTV | කොළඹ) –  2018 උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (04) ගැසට් පත්‍රයේ පළ කෙරෙනනු ඇත.    

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk  වෙත පිවිස  ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම් කළ යුතුයි.

අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය ලබන 25 වනදායි.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4253 ක් බඳවා ගැනීමට නියමිතව ඇත.

Related posts

කොළඹට විදුලි බස් රථ සේවාවක්

Mohamed Dilsad

සුවය ලැබූ පිරිස 27,000 ඉක්මවයි

Mohamed Dilsad

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

Editor O

Leave a Comment