දේශීය

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

(UTV | කොළඹ) –  2025 වසර අවසානවීමට පෙර පැය විසිහතර පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ගංඟා, ඇල දොල සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදුකොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවක්.

ඒ අනුව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජල නල කිලෝමීටර් 40,000 ක් අලුතින් එලීමට සිදුවනු ඇත.

ජල නල එලීමේදී මාර්ගවලට වන හානිය සහ එමඟින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළව ඇති බව වාර්තා වෙයි.

Related posts

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

Editor O

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත්කරයි

Editor O

වට්ස්ඇප් ගිණුම්වෙත අනවසර ප්‍රවේශයන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළට

Editor O

Leave a Comment