දේශීය

කොළඹට විදුලි බස් රථ සේවාවක්

විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

“විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යොදන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව, ඉදිරියේදී අපි ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා විදුලි බස් රථ ධාවනය කරන්න. මේ පොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වළක්වා ගැනීම සඳහා, විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ප්‍රශ්නයටත් විසඳුම වෙන්නේ පොදු ප්‍රවාහනය විදුලිය බවට පත් කිරීම. ඒහිදී අපි බස් රථ පමණක් නෙමෙයි ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා අනාගත කාලපරිච්චේදය තුළදී විදුලිය බවට පරිවර්තනය කරන්න උත්සාහ දරනවා. මේ අවුරුද්ද තුළදී පුද්ගලික අංශය විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ වෙළෙඳපොළට නිතුක්කරයි.”

 

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය සතු මෙරට විවිධ ප්‍රදේශවල ඇති පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය..

 

අමාත්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේ ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපාරයක් ලෙස සලකා අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු බවය.

Related posts

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ට නඩු දානවා – අතිරේක සොලිසිටර් ජනරාල්

Editor O

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment