දේශීය

එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි

එංගලන්තයේ පාසල් ගුරුවරු වැටුප් සහ අනෙකුත් අරමුදල් සම්බන්ධ ගැටලු හේතුවෙන් එළඹෙන ජූලි මස දින දෙකක් වැඩ වර්ජනයක් සිදුකරන බව වෘත්තීය සමිති පවසයි.

 

එරට අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විශාලතම වෘත්තීය සමිතිය වන “ජාතික අධ්‍යාපන වෘත්තීය සමිතිය” නිවේදනය කළේ ඒ අනුව ජූලි 5 සහ 7 වන දිනවල එම වැඩ වර්ජනය පවත්වන බවය.

 

එම වෘත්තීය සමිතිය පසුගිය පෙබරවාරි සහ මැයි මාසවලද දින 6ක් වැඩ වර්ජනය කළේය.

 

බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කළ 4.5%ක වැටුප් වර්ධකය සහ පවුම් 1000ක ගෙවීම පසුගිය අප්‍රේල් මාසයේදී ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කළේය

Related posts

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

Mohamed Dilsad

දුම්රියත් නවතී ද? – අද තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

ඡන්දේ ගන්න බොරු කියූ අයට වැඩ වරදී…? වත්මන් ආණ්ඩුවටත් අදාළවේද…?

Editor O

Leave a Comment