දේශීය

ප්‍රේම සම්බන්ධය ඝාතනයකින් කෙළවර වෙයි

මුරුක්කන් අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

තරුණියගේ පියා විසින් අදාළ තරුණයාට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී තිබුණි.

 

එහිදී එම තරුණයාගේ 25 හැවිරිදි වැඩිමහල් සහෝදරයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද රැස්වේ

Mohamed Dilsad

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment