Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දේ ගන්න බොරු කියූ අයට වැඩ වරදී…? වත්මන් ආණ්ඩුවටත් අදාළවේද…?

මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේ, මේ සඳහා මැතිවරණ නීතිද යම් ආකාරයකට වෙනස් විය යුතු බවයි.

කෙසේ නමුත් මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ ඡන්දය නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොැමැති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු බවත් ඒ මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සමන් ශ්‍රී රත්නායක මහතා,

“අපේ රටේ තියෙන සම්ප්‍රදාය තමයි ඡන්දයක් තිබුණට පසු පත්කරගන්නවා, ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි අයෙම යනවා. ඕක තමයි ක්‍රමේ. 

අපි හිතන්නේ පත්කරගත්තට පස්සේ අපේ රාජකාරිය ඉවරයි කියන එක. එහෙම නෑ. පුරවැසියෝ විදිහට අපට අනිවාර්ය වගකීමක් තියෙනවා අපි පත්කරගත් සභිකයනින් ලවා අපේ කාර්යභාරය කරවා ගැනීමට. එසේ නොකරනාවනම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා.    අපේ රටේ නැවත ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැවත ඡන්දයක් එනකම් විතරයි. ඒකට මැතිවරණ නීතිත් යම් ආකාරයකට වෙනස් විය යුතුයි. අපේ රටේ නැවත කැඳවීමේ ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රමවේදය තුළ නෑ. ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු කාරණා. අලුත් මැතිවරණ නීති සංශෝධනයේදී ඒවා හඳුන්වාදිය යුතු කාරණා වෙනවා. 

අපේ රටේ ඡන්ද දායකින්ට වඩා පාරිභෝගිකයෝ ඉන්නේ. දුන්නොත් දෙනවා කියන න්‍යායේ තමයි ඉන්නේ. ඉන් එහාට ගිහින්, දීලා විතරක් බෑ,  දුන්නට පස්සේ එක ඇදගෙන යාමත් පුරවැසියන්ගේ වගකීමක්”.

Related posts

Mohammad Amir looking to rediscover bowling rhythm in domestic cricket

Mohamed Dilsad

இந்தோனேசியாவில் நிலநடுக்கம்- சுனாமி எச்சரிக்கை

Mohamed Dilsad

Oct. 04 not a public holiday

Mohamed Dilsad

Leave a Comment