දේශීයප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

(UTV |ගාල්ල) – පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබේ.

හුංගම ප්‍රදේශයේ දෙපිසක් අතර ඇතිවූ පොර බැදීමකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.

මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයා සමඟ පොරබැදීමක් සිදු කර ඇත.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි හිමි නමට හිමිනමට වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

Mohamed Dilsad

මිය ගිය කාන්තාවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව කාලයේ; අලි ජීවිතවලට මාරක අපල…? මේ වසරේ පළමු මාස 06 අලි මරණ 238ක්

Editor O

Leave a Comment