Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ඊයේ (03) මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේදී ඉතා සැර කතාවක් කළේය.

එහිදී ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ, ඇති වීමට තිබුණු ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ගම්පොළ ජනතාවට පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.

මන්ත්‍රීවරයා මෙසේද කීවේය. මේ ව්‍යසනයේදී කඳු නාය ගියා, ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා ඒවා පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක ඒක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒ පිළිබඳව අපිට තර්කයක් නැහැ.

හැබැයි මේ කාරණාව ඇතුළේ ඇතිවුණු ගැටලු ගණනාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි දේ තමයි, රන්ටැඹෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන්නේ තත්පරයට 3,500යි. හැබැයි මහවැලියෙන් කියනවා මේ 5,800ක් වගේ ප්‍රමාණයකට වැඩි වේවි කියලා. හැබැයි ඇත්තට ම තත්පරයට ඝන මීටර් 7,800ක් රන්ටැඹෙන් එළියට නිකුත් කෙරුණා,” ඔහු පැවසීය.

ගම්පොළ නගරයේ මැරුණු හැම ජීවිතයකටම ආණ්ඩුව වග කියන්න ඕන…

මේ කාරණාව දැනගෙන හිටියා නම්, ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ ගැන දැනුවත් කරන්න බැරි වුණේ? අනිත් එක නියෝජ්‍ය කතානායකතුමනි UNDP එකේ 27 වෙනි දා මහවැලියේ තිබුණු රැස්වීම් ටික සියල්ල 26 වෙනි දා අවලංගු කළා. 27 වෙනි දා මෙහෙම ව්‍යසනයක් තියෙනවා කියලා 26 වෙනි දා ඒ සියලු රැස්වීම් ටික අවලංගු කළා.

“ඇයි බැරි වුණේ, ගම්පොළ නගරයට ගිහිල්ලා මෙහෙම ගංවතුරක් තියෙනවා කියලා නිවේදනය කරන්න? තත්පරයට මි.මී. 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලඹ මාපාංකයේ සටහන් වෙනවා මි.මී. 440යි. 440ක වැස්සක් එනවා නම්, 160ට යටවෙන ගම්මානවලට ඇයි දැනුවත් කළේ නැත්තේ?

ඒ විතරක් නෙවෙයි, කතානායකතුමනි. නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මැනලා මේක ගම්පොළ නගරයට එදා කිව්වා නම්, ඔය මැරෙන්න තිබුණ ගාණෙන් 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසි ම දෙයක් සංවිධානය වෙලා, ඒවා සන්නිවේදනය කළේ නැහැ ගම්පොළ නගරයේ මිනිස්සුන්ට. එහෙම නම්, අර නාවලපිටියට උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණයෙන් අකර්මණ්‍යයි.

ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා, ඔය ගම්පොළ නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන් ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන එක අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳු නාය ගිහින් ප්‍රශ්න ඇති වුණා නම් ඒක තර්කයක් නැහැ. නිකම් අහිංසක මිනිස්සු ටික මරුවා ගම්පොළ නගරයේ හිටපු. කියන්න බැරි වුණා මි.මී. 440ක් වහිනවා 27 වෙනි දා කියලා පණිවිඩේ කිව්වේ නැහැ,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

Beedi leaves wrapped in 34 parcels discovered

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 02 ක් හිස් වෙයි[VIDEO]

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක නිලධාරීන් මැතිවරණ චක්‍රලේඛ උල්ළංඝනය කරලා – මේ වතාවෙත් සුළැඟිල්ල පාට කරලා

Editor O

Leave a Comment