දේශීය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 02 ක් හිස් වෙයි[VIDEO]

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 02 ක් හිස්ව තබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, හෙට(20) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 01 බැගින් එම පක්‍ෂවලට හිමි විය.

කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.

Related posts

වතු කම්කරු වැටුප් වැඩි වේ

Mohamed Dilsad

එන්නත්කරණ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව

Mohamed Dilsad

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Mohamed Dilsad

Leave a Comment