Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක නිලධාරීන් මැතිවරණ චක්‍රලේඛ උල්ළංඝනය කරලා – මේ වතාවෙත් සුළැඟිල්ල පාට කරලා

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දායකයන්ගේ දබරැඟිල්ල පාට කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණද, ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සුළැඟිල්ල පාට කිරීම හේතුවෙන් ඡන්ද දායකයන් සහ ජන්ද පොළ නිලධාරීන් අතර නොසන්සුන්තාවන් දිස්ත්‍රික් කිහිපයකින් වාර්තාවී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

කුරුණෑගල – පඬුවස්නුවර, කොළඹ – දෙහිවල සහ වව්නියාවේ අදාළ සිදුවීම් වාර්තාවී තිබිණ. වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සනාථ කිරීම සඳහා සුළගිල්ල පාට කෙරුණු බව සඳහන්. පැය දෙකකට පමණ පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ඡන්දදායකයින් පිරිසක් ඔවුන්ගේ සුළගිල්ල මේ මැතිවරණයේදී ද පෙර ජනාධිපතිවරණයේදී පාට කළ සුළැඟිල්ල මතම පාට කිරීම නිසා මැතිවරණ නිලධාරීන් සහ ඡන්ද හිමියන් අතර, නොසන්සුන්තා ඇතිව තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඡන්දදායකයින් පැපරල් හා කැෆේ සංවිධානවලටද පැමිණිලි කර ඇති බව ද සඳහන්.

Related posts

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තතු

Mohamed Dilsad

Lotus Road temporarily closed due to protest

Mohamed Dilsad

Seven arrested for illegal fishing in Nilaveli

Mohamed Dilsad

Leave a Comment