Trending Newsඑසැන පුවත්දේශීය

වැඩි ඡන්ද 1,272,000 කින් අනුර ඉදිරියෙන් – දෙවෙනි මනාප ගණනය කිරීම ඇරඹේ

ඡන්ද ප්‍රදේශ 160න් 159 ක නිල ඡන්ද ප්‍රතිඵළ ප්‍රකාශයට පත් කර තිබේ. තෙල්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵළය මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත. එමෙන්ම රට පුරා මැතිවරණ කොට්ඨාස 22න් මහනුවර දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 නිල ඡන්ද ප්‍රතිඵළ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, අනුර දිසානායක ඉදිරියෙන් සිටී. පළමු වටයේ ගණනය කිරීම් අවසන් කර ඇති මුත්, තවමත් තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵළය ප්‍රකාශයට පත් නොකිරීම නිසා සමස්ථ ප්‍රතිඵළය ප්‍රකාශයට පත් කර නැත.

මේ දක්වා ප්‍රතිඵළ ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණ කොට්ඨාස 21න් 14 ක් අනුර දිසානායක මහතා විසින් බහුතර ඡන්දයෙන් ජයගෙන තිබේ. සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක හතක් බහුතර ඡන්දයෙන් ජයග්‍රහණය කර තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵළ ය මේ දක්වා නිකුත් කර නැත. මේ වන විට කිසිදු අපේක්ෂකයෙක් 505 සීමාවට ළඟා නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණනය කිරීම අරම්භ කර තිබේ.

මේ දක්වා නිකුත් කළ ඡන්ද බලප්‍රදේශ 159 ට අදාළ ව අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහතින්

අනුර දිසානායක 5,620,098 42.32%

සජිත් ප්‍රේමදාස 4,347,703 32.74%

රනිල් වික්‍රමසිංහ 2,292,575 17.26%

ලියාපදිංචි ඡන්ද17,089,692
ප්‍රකාශිත ඡන්ද13,578,68579.46%
ප්‍රතික්ෂේපිත ඡන්ද298,9991.75%
වලංගු ඡන්ද13,279,68677.71%

Related posts

மகா சங்கத்தினர் விடுத்த கோரிக்கை தொடர்பில் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் 18 ஆம் திகதி சந்திப்பு..

Mohamed Dilsad

විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

Mohamed Dilsad

විනිමය අනුපාතය අඩු-වැඩිවීම සහ අර්ථිකයේ ප්‍රගතිය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment