දේශීය

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

 

ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණි.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

Related posts

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

විදේශ සංචාර ගැන එල්ල කරන චෝදනා සාවද්‍යයයි – -හිටපු ජනාධිපති රනිල්ගෙන් නිවේදනයක්

Editor O

නිරෝධායන ඇඳිරි නීතියට එරෙහිව මූලික හිමිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment