දේශීය

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

(UTV | නාරම්මල) – දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (27) නාරම්මල පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිවරයා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් එල්ල කර ඇති බැවින් ඊට විසදුම් ලෙස විධිමත් මෙන්ම නිසි ප්‍රමිතිගත සැලැස්මක් ඇතිව සියළු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමාව එහිදී දැනුවත් කළේය.

ඔවුන්ට නිදහසේ ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙසට ජනාධිපතිවරයා එහිදී පොලීසියට නියෝග කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

Editor O

ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment