දේශීය

බන්ධනාගාරයට පාර්සල් විසි කළ ප්‍රධාන සැකකරු අල්ලයි

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලීසිය විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දින කීපයේම වැලිකඩ බන්ධනාගාරය තුළින් දුරකථන, සිම් ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක්ම සොයා ගැනුණි.

එමෙන්ම වැලිකඩ කාන්තා, කොළඹ මැගසින් සහ මීගමුව යන බන්ධනාගාරවල ඉදිකර ඇති තාප්පවලට ඉහළින් දැලක් යෙදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ, එම බන්ධනාගාර තුළට, පිටත සිට තහනම් භාණ්ඩ විසිකිරීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්.

 

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

කොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇප

Mohamed Dilsad

Leave a Comment