දේශීය

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09)  සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඔවුන් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අය වේ.

ඔවුන්ගෙන් 35 දෙනෙකු නාවික මහ රෝහල වෙතින්ද, 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු කාත්තන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

ඒ අනුව මෙම නාවික හමුදා සාමාජිකයින් 41 දෙනාද ඇතුළුව මේ වන විට සුවය ලැබූ  සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 563 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

 

Related posts

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණ හර්ෂණ සූරියප්පෙරුම ට, තනතුරක්..?

Editor O

නිකිණි පුර පසළොස්වක පෝය අදයි.

Editor O

Leave a Comment