දේශීය

තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09)  සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.

ඔවුන් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අය වේ.

ඔවුන්ගෙන් 35 දෙනෙකු නාවික මහ රෝහල වෙතින්ද, 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු කාත්තන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

ඒ අනුව මෙම නාවික හමුදා සාමාජිකයින් 41 දෙනාද ඇතුළුව මේ වන විට සුවය ලැබූ  සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 563 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

 

Related posts

අදත් පැය 2යි විනාඩි 20යි විදුලිය නැහැ

Mohamed Dilsad

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩ

Mohamed Dilsad

චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්

Editor O

Leave a Comment