දේශීය

මැතිවරණ කොමිසමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්

ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි දන්වා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අප මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාගෙන් විමසීමක් කළේය.

 

එහිදී සභාපතිවරයා පැවසුවේ එලෙස ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපි ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුද තමන්ට දැනුම් දුන් බවය.

 

ඒ අනුව, හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද දෙරණට වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරු ලබා දෙන කිසිදු පිළිතුරක් පිළිනොගැනීමට විපක්ෂය තීරණය කරයි.

Editor O

දුම්රිය රියදුරන් වැදගත් වැඩක : වැඩේ ඉවර වෙලා වේලාවක් තිබුණොත් දුම්රිය ධාවනය කරනවා

Editor O

පාසල් යළි ආරම්භ කිරීමට අදාළ තීරණය හෙට

Mohamed Dilsad

Leave a Comment