දේශීය

පාසල් යළි ආරම්භ කිරීමට අදාළ තීරණය හෙට

(UTV | කොළඹ) –  පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට (18) දිනය වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමසා ඇති බවයි.

පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයට අද ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ පස්වරු 3.00 ට අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකදී එම නිර්දේශ සමාලෝචනය කිරීමට නියමිත බවයි.

Related posts

ජනපති අද ජාතිය අමතයි

Mohamed Dilsad

මෙතෙක් ක්‍රියාත්මක නොවූ කාරක සභා නිදේශ, ක්‍රියාත්මක කරන්න මාසයක්

Editor O

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment