දේශීය

පාසල් යළි ආරම්භ කිරීමට අදාළ තීරණය හෙට

(UTV | කොළඹ) –  පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට (18) දිනය වන විට බොහෝ විට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් විවෘත කිරීමට අදාළ කාලසීමාව සහ දින සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට විමසා ඇති බවයි.

පාසල් නැවත විවෘත කිරීමට අදාළ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයට අද ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා කියා සිටියේ පස්වරු 3.00 ට අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවකදී එම නිර්දේශ සමාලෝචනය කිරීමට නියමිත බවයි.

Related posts

ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හඳුනා ගැනේ

Mohamed Dilsad

ගංජා චෝදනාවෙන්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වෙලා ; එම පුවත් පළ කළ විද්යුත්, මුද්‍රිත මාධ්‍ය වරප්‍රසාද කමිටුවට කැඳවන්න – ශාන්ත පද්ම කුමාර කතානායකගෙන් ඉල්ලයි

Editor O

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O

Leave a Comment