ව්‍යාපාරික

කහවල ප්‍රමිතිය සෙවීමට වෙළඳසැල් හදිසි පරීක්ෂාවට

(UTV| කොළඹ) – පරිභෝජනයට ගන්නා කහවලට විවිධ ද්‍රව්‍ය මිශ‍්‍ර කර ඇති බවට ලද තොරතුරු අනුව කහවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ දිනවල වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි.

ලැබුණු තොරතුරුවලට අනුව වෙළඳසැල්වලින් ලබාගෙන ඇති කහ සාම්පල කිහිපයක් දැනටමත් රසායානාගාර වෙත යොමු කර ඇති බව එම අධිකාරියේ අධ්‍යක්‍ෂකවරයා සඳහන් කරයි.

වංචනික වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ජනතාවට කෙටි ඇමතුම් අංකයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 1977 අංකය අමතා එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Related posts

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

තෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහාය

Editor O

Leave a Comment