දේශීයව්‍යාපාරික

සංචාරක හා ගුවන් සේවා පැමිණිලි සදහා විශේෂ ඒකකයක්

(UTV | කොළඹ) – කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.

ගුවන් තොටුපළ තුල දී මගීන් මුහුණ දෙන ගැටළු, සංචාරකයන්ට සිදුවන අතවර හා ඒ සම්බන්ධ පැමිණිලි, ශ්‍රී ලංකන් ගුවන් යානා වල දී මගීන් මුහුණ දෙන ගැටළු, ආයෝජකයන් මුහුණ දෙන ගැටළු, නිදහස් වෙළද තලාප වල පවතින ගැටළු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විමර්ශනය කිරීම මෙම ඒකකයට පැවරේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක්  වන අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන වෙයි.

 

Related posts

කොරෝනා මළ සිරුරු ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්

Editor O

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

Mohamed Dilsad

අදත් පැය 3ක් විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment