දේශීය

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

(UTV |කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පළාගිය කාන්තාවක් සොයා ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි.

පොලීසිය පැවසුවේ එම කාන්තාව ඊයේ රාත්‍රී 9.10ට පමණ වයස අවුරුදු 2ක් පමණ වන තම දරුවා සමග රෝහලෙන් පලාගොස් ඇති බවයි.

ඉන් අනතුරුව ඇය තම දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි තම ඥාති නිවසකට ගොස් දරුවා ඔවුන්ට භාරදී ඇත.

අද උදෑසන වන විට එම දරුවා සොයාගත් පොලීසිය නැවත රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

රෝහලේ පලාගිය එම කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවද පොලීසිය සදහන් කරයි.

පොලීසිය ඇය සොයා ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටියි.

 

Related posts

නව ආසාදිතයින් 297ක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

Mohamed Dilsad

ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට සුදුසුම මැතිවරණය පළාත් පාලන මැතිවරණය – ජී.එල් පීරිස්

Mohamed Dilsad

Leave a Comment