විදෙස්

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත ඉන්දියාවෙන් බෙදා හැරීමට සුදානම්

(UTV |ඉන්දියාව) – බ්‍රිතානයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මූලිකත්වයෙන් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නත ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත පුද්ගලයින් සඳහා ලබාදීමට හැකිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දීය එන්නත් නිෂ්පාදකයෙකු වන සේරම් ආයතනය පවසන්නේ අප්‍රේල් මාසය වනවිට සාමාන්‍ය ජනතාවට එය ලබාගත හැකිවනු ඇති බවයි.

එක් පුද්ගලයෙකුට මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් ලබාදිය යුතු අතර, එම මාත්‍රා දෙක ඉන්දීය රුපියල් දහසක උපරිම මිලකට ලබාදීමටයි සැලසුම් කර ඇත.

මේ අතර, චීන රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපද වූ කොවිඞ් 19 එන්නත එහි හදිසි භාවිත වැඩපිලිවෙල යටතේ චීන වැසියන් මිලියනයකට එන්නත් කර තිබේ.

එහිදී කිසිදු පුද්ගලයෙකු වෙතින් ඊට අහිතකර ප්‍රතිචාරයක් නොලැබුණු බව චීන ජාතික ඖෂධ සමූහයේ සභාපති ලියු ජින්ෂෙන් පවසයි.

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඞ් එන්නත් මෙලෙස වැසියන්ට ලබාදී ඇත්තේ රුසියාව සහ චීනය පමණය.

Related posts

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

Editor O

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment