විදෙස්

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

(UTV | පාකිස්තාන) – පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් පුහුණු මෙහෙයුමක් අතර තුර අනතුරට ලක්වීමෙන් මර්ඩාන් දිස්ත්‍රික්කයේ තක්ත් බායි ප්‍රදේශයට කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ආරක්ෂිතව දිවි ගලවාගෙන ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

තවද මාස දෙකකට වඩා අඩු කාලයක් තුළ එරට සිදුවු තෙවන ගුවන් අනතුර මෙය වන බව වාර්තා වෙයි.

Related posts

චාල්ස් රජුගෙන් ලෝක නායකයන්ට භෝජන සංග්‍රහයක්

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ මාධ්‍ය නිදහස මෙන්න(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment