දේශීය

රත්‍රං මිලේ සුළු වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

 

ඒ අනුව අද (06) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ ගොස් තිබේ.

 

ඊයේ (05) දිනයේ දී එය දැක්වුණේ රු. 149,000ක් ලෙසය.

 

මේ අතර රු. 161,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 160,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6ක හිගයක්….

Editor O

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

Leave a Comment