දේශීය

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.

 

ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණි.

 

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

Related posts

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තේරීමට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

දරු ප්‍රසූතියකදී ආබාධිත දරුවකු බිහිවුණේ වෛද්‍ය නොසැලකිල්ලෙන්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment