Trending Newsඑසැන පුවත්දේශීය

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තේරීමට අදාළ ගැසට් නිවේදනයක්

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති පත්කර ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් , පළාත්පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර අති විශේෂ ගැසග් නිවේදනයක් නිකුත් කර තිබේ..

එහි දැක්වෙන්නේ 2012 අංක 22 දරණ පළාත් පාලන ඡන්ද විමසීම (සංශෝධන) පන්තින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66ඇ(4) වගන්තිය යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ, පළාත් පාලන කොමසාරිස් ලෙස සාරංගිකා ජයසුන්දර මහත්මිය සීතාවක ප්‍රාදේශීය සභාපති සහ උප සභාපති තෝරා පත්කර ගැනීම මේ මස 18 වැනිදා 9.30 ට සභාව කැඳවන බවයි.

හංවැල්ල පිහිට සීතාවක ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම් ශාලාවේදී එහි සභාපති සහ උප සභාපති එදින තෝරා පත්කර ගැනීමට නියමිතයි.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ නිකුත් කරයි. සිසුන් 13,392 දෙනෙකුට සියලු විෂයන් සඳහා ”ඒ” සාමාර්ථ

Editor O

லசந்த விக்ரமதுங்க கொலை குறித்த வழக்கு விசாரணை இன்று

Mohamed Dilsad

ஹைதராபாத் பெண் மருத்துவர் கொலை – சந்தேகநபர்கள் சுட்டுக் கொலை [VIDEO]

Mohamed Dilsad

Leave a Comment