දේශීය

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06) එළිදැක්විණි.

 

එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

 

මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පවසති.

 

විශේෂයෙන්ම ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පළ කරති.

 

එවන් පසුබිමක නව මෙවලම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ.

Related posts

ඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

Mohamed Dilsad

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

Mohamed Dilsad

Leave a Comment