දේශීය

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06) එළිදැක්විණි.

 

එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

 

මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පවසති.

 

විශේෂයෙන්ම ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පළ කරති.

 

එවන් පසුබිමක නව මෙවලම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ.

Related posts

වත්මන් රජයෙන් පත්වීම් ලැබූ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දඬුවම් කළ යුතු බව පාස්කු විමර්ශන වාර්තාවේ, සඳහන් – මැල්කම් කාදිනල් කියයි.

Editor O

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

කීරි සම්බා මිල ඉහළ ට

Editor O

Leave a Comment