දේශීය

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද දිනයේදී නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

ජූනි 10 වන දින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති ලිපිය කෝප් සභාපතිවරයා විසින් පසුගියදා සභාගත කරනු ලැබුවා.

කෝප් කමිටුව තීරණය කර ඇත්තේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටයි.

ඒ හරහා අදාළ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තීරණයක් ගැනිමටත් ඔහු විසින් ඉල්ලා ඇති තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය පසුව ගැනීමටත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

Related posts

පළාත් රැසක දහම් පාසල් ඇරඹේ

Mohamed Dilsad

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මැතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව අවධානයෙන්

Editor O

Leave a Comment