දේශීය

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද දිනයේදී නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

ජූනි 10 වන දින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කොට ඇති ලිපිය කෝප් සභාපතිවරයා විසින් පසුගියදා සභාගත කරනු ලැබුවා.

කෝප් කමිටුව තීරණය කර ඇත්තේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටයි.

ඒ හරහා අදාළ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තීරණයක් ගැනිමටත් ඔහු විසින් ඉල්ලා ඇති තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය පසුව ගැනීමටත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

Related posts

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

Mohamed Dilsad

පිළිකාකාරක බෝතල් තහනම් කරනවා – පරිසර ඇමති කියයි

Mohamed Dilsad

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

Editor O

Leave a Comment