Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි, එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දෙයි. ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත්, එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා දෙන ලිපිය ලබා ගෙන, බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි.

Related posts

பாராளுமன்றத்துக்கு நுழையும் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

Mohamed Dilsad

Heavy traffic reported in Town Hall area due to a Satyagraha campaign

Mohamed Dilsad

Leave a Comment