දේශීය

කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලයේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 

ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 36,000ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණි.

 

ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩපොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.

 

මන්නාරමට මෙට්‍රික් ටොන් 1244ක්, වව්නියාවට මෙට්‍රික් ටොන් 821ක්, කිළිනොච්චියට මෙට්‍රික් ටොන් 820ක්, මුලතිව් සඳහා මෙට්‍රික් ටොන් 694ක්, යාපනයට මෙට්‍රික් ටොන් 297ක්, මඩකලපුවට මෙට්‍රික් ටොන් 1824ක්, අම්පාරට මෙට්‍රික් ටොන් 4066ක් හා ත්‍රිකුණාමලයට මෙට්‍රික් ටොන් 1746ක් ලෙස මඩපොහොර බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව පොහොර තොග කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසට තමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

Mohamed Dilsad

රජයේ සියලු පාසල් ආරම්භ කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් – පළමු වාරය අප්‍රේල් 09 අවසන්

Mohamed Dilsad

Leave a Comment