දේශීය

මහනුවර – මහියංගනය මාර්ගය භාවිත කරන්නන්ට දැනුම්දීමක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබේ.

 

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි තත්ත්වය සමග 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා ඇති වුණි.

 

නායගොස් ඇති කොටසට ඉහළින් ඇති තවත් ස්ථානයක විශාල ගලක් නායයෑමේ අවධානමක් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කළේය.

 

ඒ අනුව මහනුවර සිට මහියංගනය දක්වා දාවනය වන වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

 

මේ අතර මහියංගනය දෙස සිට මහනුවර දක්වා ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකිය.

Related posts

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කරයි [RELEASE]

Mohamed Dilsad

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment