දේශීය

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

 

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

 

කෙසේවෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය හිමිවීම හරහා තවදුරටත් ණය ලැබීම තුළින් යළිත් රට තුළ දීර්ඝ කාලීන ගැටලු නිර්මාණය වනු ඇති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Editor O

විමල්ගෙන් අද මැතිසබයට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

Leave a Comment