දේශීය

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

 

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

 

කෙසේවෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය හිමිවීම හරහා තවදුරටත් ණය ලැබීම තුළින් යළිත් රට තුළ දීර්ඝ කාලීන ගැටලු නිර්මාණය වනු ඇති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

Mohamed Dilsad

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

දළදා වන්දනාවේ පෝලිම කිලෝමීටර් 08ක් ඉක්මවයි.

Editor O

Leave a Comment