දේශීය

පැන්ඩෝරා හෙලිදරව්ව ගැන ලේඛන පරීක්ෂාවකටත් අල්ලස් කොමිසම සූදානම්

(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ලේඛණ පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිලි සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් ඊයේ දෙවන දිනටත් අල්ලස් කොමිසමට පැමිණියා.

ඊයේ උදෑසන 11ට පමණ කොමිසම හමුවට පැමිණි ඔහු පැය 2කට පමණ පසු ඉන් පිටව ගොස් තිබුණා.

පසුගිය 8 වැනි දා ද තිරුකුමරන් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.

Related posts

තෙත වී කිලෝවක් සඳහා රු. 102ක මිලක්

Editor O

ලබන සතියේ පාන් වලට වෙන දේ මෙන්න

Mohamed Dilsad

තමිල්නාඩු කඳවුරක සිටි ලාංකිකයින් නවසීලන්තයට පනින්න හදලා

Mohamed Dilsad

Leave a Comment