දේශීය

තමිල්නාඩු කඳවුරක සිටි ලාංකිකයින් නවසීලන්තයට පනින්න හදලා

තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු නවසීලන්තයට පළායාමට උත්සාහ කිරිමේ දී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ පුද්ගලයින් බෝට්ටුවක් මාර්ගයෙන් නවසීලන්තයට පළා යාමට උත්සාහ දරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

තමිල්නාඩු පොලීසියේ කියුබ්‍රාන්ච් ශාඛාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් විසින් තමිල්නාඩුවේ පුම්පුහාර්හි බෝට්ටු හිමිකරුවෙකුට අත්තිකාරම් මුදලක් ලබා දී බෝට්ටුවක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

 

මොවුන් තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ කුලතුවෙප්පට්ටි, ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ කෙරවලපල්ලි, වෙල්ලෝර් දිස්ත්‍රික්කයේ ගුඩිමල්ලූර් කඳවුරේ රැඳී සිටි සරණාගතයින් හය දෙනෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

 

 

Related posts

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

අද පැයක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment