Trending Newsඑසැන පුවත්දේශීය

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට,  සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් පිරිනමා තිබේ. ඔහුගේ ධූර කාලය තුළ ලොව පුරා සිටින ප්‍රජාවන් සමඟ සාමය, හොඳ හිත සහ අර්ථවත් සහයෝගීතාවයන් සටහන් වනු ඇති බව, ප්‍රේමදාස මහතාගේ ට්විටර් පණිවිඩය සඳහන්.

එමෙන්ම ඉදිරි මාවතට මඟ පෙන්වීමට ප්‍රඥාව සහ ශක්තිය ප්‍රාර්ථනා කරන බවද එහිදී ප්‍රේමදාස මහතා තවදුරටත් පවසයි. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 266ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 219කි.

Related posts

பாடசாலை மாணவியை வன்புனர்குற்படுத்த முயற்சித்ததை எதிர்த்து ஆர்பாட்டம் – [PHOTOS]

Mohamed Dilsad

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Mohamed Dilsad

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment