Trending Newsඑසැන පුවත්දේශීය

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට,  සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් පිරිනමා තිබේ. ඔහුගේ ධූර කාලය තුළ ලොව පුරා සිටින ප්‍රජාවන් සමඟ සාමය, හොඳ හිත සහ අර්ථවත් සහයෝගීතාවයන් සටහන් වනු ඇති බව, ප්‍රේමදාස මහතාගේ ට්විටර් පණිවිඩය සඳහන්.

එමෙන්ම ඉදිරි මාවතට මඟ පෙන්වීමට ප්‍රඥාව සහ ශක්තිය ප්‍රාර්ථනා කරන බවද එහිදී ප්‍රේමදාස මහතා තවදුරටත් පවසයි. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 266ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 219කි.

Related posts

தேசிய அரசாங்கம் குறித்த விவாதம் நாளை(07)

Mohamed Dilsad

මහනුවර ප්‍රධාන පාසලක රගර් කෝච් හෙරෝයින් සහ මත්පෙති සමග මාට්ටු ….

Mohamed Dilsad

மிஹின் லங்கா மற்றும் ஶ்ரீலங்கன் ஏயார்லைன்ஸ் ஜனாதிபதி ஆணைக்குழுவின் காலம் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment