දේශීය

මහනුවර ප්‍රධාන පාසලක රගර් කෝච් හෙරෝයින් සහ මත්පෙති සමග මාට්ටු ….

(UTV | කොළඹ) –  මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇත.

මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත්තේ.

Related posts

ක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර්වලට අදාළව කෝප් කමිටුවෙන් නිර්දේශ

Mohamed Dilsad

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Mohamed Dilsad

Leave a Comment