දේශීය

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වනවිට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙයි.

 

තරගයේ පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියි.

 

වර්ෂාව හේතුවෙන් තරගය මීට සුළු මොහොතකට පෙර නවතා දැමිනි.

 

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

 

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල රැස්කළේ ලකුණු 14ක් පමණි.

 

ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලුන්ඩල් ට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.

 

අනතුරුව පිටියේ එක්වූ කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

 

දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 87කට දැවී ගියේය. ඔහු පන්දු 83කට මුහුණදුන් අතර හතරේ පහර 16ක් එල්ල කළේය.

 

නායක කරුණාරත්න ලකුණු 50යි.

 

සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 58ක් එක්කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28යි. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 24යි.

 

 

Related posts

බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

Mohamed Dilsad

පර්පචුවල් ට්‍රෙෂරීස් ගිණුමකින් මුදල් මුදාහරින ලෙසට අධිකරණය දන්වයි

Mohamed Dilsad

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

Leave a Comment