දේශීය

බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ අද (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

කෙසේවෙතත්, එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා “අද දෙරණ” ට සඳහන් කළේ, අදාළ නිර්දේශ හෙට (17) දිනයේ ලබාදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තමාට දැනුම්දුන් බවය.

 

බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් වන “රක්නා ෆාම් ඇන්ඩ් ෆුඩ් පුද්ගලික සමාගම” සහ “ඓශ්චර්යා ෆාම් පුද්ගලික සමාගම” පසුගියදා තෝරාගැණුනි.

 

ඒ අනුව මෙම සමාගම් දෙකට රුපියල් 35ක පිරිවැයක් යටතේ තමිල්නාඩුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

 

එවන් පසුබිමක අද බිත්තර නිෂ්පාදකයින් අවධාරණය කළේ , සහන ලබාදෙන්නේනම් බිත්තර මිල පහළදැමිය හැකි බවය.

 

එහෙත්, අද දිනයේත් කොළඹ අවට බොහෝ ස්ථාන වල බිත්තර අලෙවි කෙරුණේ රුපියල් 55කට වැඩි මුදලකටය.

 

කෙසේ වෙතත් නුවරඑළිය සහ කඳුකරයේ ජනතාව පවසන්නේ තවමත් බිත්තරයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 65 ත් 70 ත් අතර මිලකට බවය.

 

මේ අතර, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතහැකි බවය.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ආර්ථික අභියෝග මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව නිරීක්ෂකයින්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment