දේශීය

අද සිට රට පුරා වර්ජන

රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ.

 

එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන 13 වන දිනෙන් පසුව වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

 

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා පවසයි.

 

ඔහු පෙන්වාදෙන්නේ වෘත්තිය සමිති මෙන්ම රජය ද පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.

Related posts

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

Mohamed Dilsad

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

Editor O

නුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment