Trending Newsඑසැන පුවත්දේශීය

වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන්, උපසභාපති සජබ යෙන්

කරන්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය පොහොටුවට ලැබුණ අතර, උප සභාපති ධූරය සමගි ජනබලවේගයට ලැබිණ.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික පෝද්දිවල මාරගේ වසන්ත මහතා සහ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ සභික පී.එච්.තුසිත චාමර මහත්වරු පත්වූහ.

සභික ධූර 15කින් යුතු වැලිවිටිය දිවිතුර ප්‍රාදේශී්‍ය සභාවේ බහුතර බලය කිසිම පක්ෂයකට හිමිනොවූ අතර ජාතික ජන බලවේගයට සභිකයන් 07ක් සහ සෙසු පක්ෂවලට සභිකයන් 08ක් හිමිව තිබිණි.

ඒ අනුව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් විසින් 18 වෙනිදා සභාව රැස්කරන ලද අතර එහි දී සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට යෝජනා විය. සභිකයන් අට දෙනකු විසින් සභාපති තෝරාගැනීම සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව කියා සිටියෙන් විවෘත ඡන්දයක් පැවැත්විණි.

එම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ පී.එම්.වසන්තට ඡන්ද 08ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයේ සභිකයාට හිමිවූයේ ඡන්ද 07කි. උප සභාපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම සඳහා ජාතික ජනබලවේගයෙන් සභිකයකු ඉදිරිපත් නොවූ බැවින් සමගි ජන බලවේගයේ පී.එච්.තුසිත චාමර මහතා උප සභාපති ධූරයට නිතර‍ඟයෙන් පත්විය.

Related posts

DMK leader Jagathrakshakan’s family linked to record FDI in Sri Lanka

Mohamed Dilsad

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට

Editor O

Australia relaxes travel advisory to Sri Lanka

Mohamed Dilsad

Leave a Comment