දේශීය

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන 27 වනදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කලා.

එම පළාත් සභාවේ හිටපු සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනුයි එම නියෝගය කරනු ලැබුවේ.

එම නියෝගය ලබන 27 වන ද දක්වා බලපැවැත්වෙන අතර එදින වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වය ට නියම කලා.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නැමැති පක්ෂයෙන් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Related posts

මොඩියුලයට සමලිංගික ලින්ක් දැම්ම කෙනා හෙළිවෙයි….!?..

Editor O

පොසොන් පෝය අදයි

Editor O

සමගි ජන බලවේගය සමග එක්වූ අයගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසිය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment