දේශීය

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

(UTV | කොළඹ) – පොහොර නොමැතිකමින් අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන්ට වගා කටයුතු අතහැර දැමීමට සිදුව තිබෙනවා.

බඩඉරිඟු වගාව සඳහා මූලික බිම් සැකසීම් සිදු කළ ද අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් තම වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර පොහොර හා කෘෂිරසායනික නොමැතිවීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව – එල්ලුම්ගස්යාය, හුරුළුගම, කිවුලේකඩ ඇතුලු අවට ගම්මානවල ගොවි පවුල් දහසකට වැඩි ප්‍රමාණයක් ද පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ රසායනික පොහොර තහනම් කර කාබනික පොහොරවලින් වගාවන් සිදුකරන ලෙස රජය දැනුම් දුන්න ද එය, නිසි ක්‍රමවේදයකට සිදු නොවන බවයි.

Related posts

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්

Mohamed Dilsad

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment