දේශීයප්‍රමුඛ පුවත 1

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 8 සිට හෙට (18) අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වෙත ඊයේ රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පැනවූ අතර එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට හෙට සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ජනපති අත්සන් තබයි

Mohamed Dilsad

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව විවාදය අද

Mohamed Dilsad

2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment