හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඒකකයට මතභේදාත්මක වෙබ් අඩවියක් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ඇතුළත් වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත බාර දී ඇත.
මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කළ තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.
අදාළ විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් තාවකාලිකව ඉවත් වී සිටින මහාචාර්ය මංජුලා විදානපතිරණ විසිනි.
ඒ, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද නියෝගයකට අනුවය.
අදාළ වෙබ් අඩවිය පෙළපොත් මොඩියුලයට ඇතුළත් වීමට බලපෑ හේතු සාධක සහ ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සියලු විස්තර මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
