Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ නඩු තීන්දුව කල්යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (14) තීරණය කර තිබේ.

අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්විය. .

එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ..

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.

පසුව 2023 වසරේ ජූලි 28 වන දින සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 37දෙනා දැඩි ඇප කොන්දේසි හමුවේ ඇප මත මුදාහැරුණි.

ඉන් අනතුරුව 2024 වසරේ පෙබරවාරි 12 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

Related posts

Navy earns Rs. 2.26 billion for Government, post Avant Garde

Mohamed Dilsad

மீண்டும் தள்ளிப்போகும் ரஜினியின் 2.0

Mohamed Dilsad

John Bolton summoned to Trump impeachment inquiry

Mohamed Dilsad

Leave a Comment