Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ සූදානමක්

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රාජ්‍යය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනයන් යටතේ පවතින ඌන උපයෝජිත ඉඩම්/දේපළ අතරින් පළමු අදියර යටතේ හඳුනාගනු ලැබූ ඌන උපයෝජිත ඉඩම්/දේපළ, 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි සුදුසු ආයෝජකයන් වෙත බැහැර කිරීම පිණිස මේ වන විට කටයුතු කරමින් පවතී.

එකී පළමු අදියරට ඇතුළත් නොවූ ඌන උපයෝජිත ඉඩම්/ දේපළ අදාළ ආයතන යටතේ තවදුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව, පහත සඳහන් ඉඩම්/ දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* දෙවන අදියර යටතේ හඳුනාගනු ලැබ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම් / දේපළ.

* තේ ශක්ති අරමුදලට අයත් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි හෙක්ටයාර 40.48ක මාවරල වත්ත ඉඩම හා තේ කර්මාන්ත ශාලාව.

* ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් භුක්ති විදිනු ලබන කොන්ඩච්චි වතුයායේ හෙක්ටයාර 1,541 ක ඌන උපයෝජිත ඉඩම.

Related posts

புதிய தேர்தல் முறையை நிராகரிக்கின்றோம்: அகில இலங்கை மக்கள் காங்கிரஸ் தலைவர் பாராளுமன்றில் அறிவிப்பு

Mohamed Dilsad

நாட்டின் பல பகுதிகளில் மழையுடனான காலநிலை

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment